බ. ඔස්ටේ්‍රලියා හෙදියන්ට සහ පොලිස් නිළධාරීන්ට නුදුරේදීම වැටුප් වැඩිවීමක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෙදියන්ට සහ පොලිස් නිළධාරීන්ට සැළකිය යුතු වැටුප් වැඩිවීමක් ඉතාම නුදුරේදී ලබාදෙන බවට ප්‍රාන්ත රජය සහතික වී තිබෙනවා.

ඔවුන් දෙකොට්ඨාශයම වැටුප් වැඩිවිම් ඉල්ලා ප්‍රාන්ත රජය සමග දීර්ඝ කාලයක සිට අරගලයක නිරත වී සිටිනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ හෙදියන්ට ඔක්තෝබර් 12 වනදා සිට හිමිවන පරිදි සියයට 03 – 4.5 ත් අතර වැටුප් වැඩිවීමක් ජනවාරි මාසය තුළදී ගෙවීමට නියමිත බවයි.

පොලිස් නිලධාරීන්ට ජූලි 01 වනදා සිට හිමිවන පරිදි සියයට 03 – 5.3 ත් අතර වැටුප් වැඩිවිමක් ලබාදීමට නියමිතයි.

හෙදියන් විසින් ඉල්ලා සිටින සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමද හැකි ඉක්මණින් සිදුකරන බවටයි අගමැතිවරයා පොරොන්දු වන්නේ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »