නිවිති ආහාරයට ගැනීමෙන් පසු පුද්ගලයන් 164 දෙනෙකු රෝගාතුරවිමේ සිද්ධියට අදාළ විෂ රසායනිකය හඳුනාගෙන තිබෙනවා.
අදාළ නිවිති නිෂ්පාදනය කල සමාගම වන Riveira Farms සහ වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකල පරීක්ෂණයකදී අනාවරණ වි ඇත්තේ thornapple නම් විෂ ද්‍රව්‍යය නිවිති මත ස්පර්ශවී තිබීම මීට හේතුව බවයි.
වෙනත් කිසිදු විෂ රසායනිකයක් අදාළ නිවිති මත තිබී හමුවී නැහැ.
එමෙන්ම Riveira Farms තුළ නිපදවන වෙනත් කිසිදු නිෂ්පාදනයක මෙම විෂ රසායනිකය අඩංගු වී නොමැති බවටද හඳුනාගෙන තිබෙනවා.
Riveira Farms හි baby spinach විශේෂයක් ආහාරයට ගැනීමෙන් පිරිසක් රෝගාතුර වූ අතර අනතුරුව ප්‍රාන්ත කිහිපයක වෙනත් නිවිති නිෂ්පාදනද තාවකාලිකව ආපසු කැඳවනු ලැබුවා.