ඔස්ටේ්‍රලියාව තුළ ඇතැම් ඉන්ධන පිරවුම්ල්වල වංචාවක් හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ ඇතැම් ඉන්ධන පිරවුම්ල්වල ඉන්ධන නිකුත් කරනුයේ ගෙවන මුදලට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් බවට තහවුරු වී තිබෙනවා.

මේ හරහා සිදුවන සමස්ත වංචාව ඩොලර් මිලියන 29 කට ආසන්න බවටයි නවතම විගණන වාර්තාවක දැක්වෙන්නේ.

ඩොලර් 100 ක ඉන්ධන මිළදී ගැනීමේදී සත 30 ත් 90 ත් අතර වංචාවක් සිදුවන බව මෙහිදී තහවුරු වී තිබෙනවා.

කෙසේවෙතත් රට පුරා පිහිටා ඇති පිරවුම්හල් අතුරින් මෙම අයථා ක්‍රියාවට සම්බන්ධ සියයට 5.7 ක් වැනි පිරවුම්හල් සංඛ්‍යාවක් පමණක් බවටයි වාර්තා වන්නේ.

මේ අතර මෙම විගණන වාර්තාව පිළිගත නොහැකි බවට පාර්ශව කිහිපයක් විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමටයි පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »