අද(18/10) දින වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේදී අපේක්‍ෂා කල හැකි දේ

අද(18/10) දින වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේදී අපේක්‍ෂා කල හැකි දේ

What to expect from Victoria’s COVID restriction lifting in Sunday’s announcement

අද(18/10) දින වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews විසින් ගෘහස්ථ හා එළිමහන් රැස්වීම්, ව්‍යාපාර සඳහා වෙනස්කම් තිබේ නම් සහ කිලෝමීටර් 5 ක සීමාව​ අහෝසි කිරීම හෝ දීර්ඝ කිරීම ඇතුලු නීති වෙනස් කිරීම් සිදු කිරීම පිළිබඳ නිවේදනය කිරීමට බලාපොරෝත්තු වේ.
“මෙම සංඛ්‍යා අඛණ්ඩව පැවතුනහොත් අපගේ පූර්ව නිගමනය කළ නීති ලිහිල් කිරීමේ 3 වන අදියර සමඟ ඉදිරියට යාම​ සාධාරණ වේ” Daniel Andrews සිකුරාදා(17/10) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

නව නීති ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒවා “හැකි ඉක්මනින්” බලාත්මක කිරීමට රජය සූදානම් බව Andrews පැවසීය.

නිවේදනයෙන් පසුව, මෙල්බර්නියානුවන්ට නැවත ගමන් කිරීමේ නිදහසක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුල් මාර්ග සිතියම් සැළැස්ම යටතේ, කිලෝමීටර් 5 සීමාව අහෝසි කරනු ඇත, නමුත් Andrews කියා සිටියේ මෙම සීමාව ඉවත් කිරීම වෙනුවට​ එම සීමාව කිලෝමීටර් 20 දක්වා දීර්ඝ කළ හැකි බවයි.

බොහෝ නිවේදන සමාජ රැස්වීම් හා සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරන අතර එළිමහන් රැස්වීම් උපරිම වශයෙන් 10 දෙනෙකු දක්වා වර්ධනය වේ.

පහත​ සඳහන් වෙනස්කම් සිදු කරනු ඇතැයි විශ්වාස කෙරේ:

ව්‍යායාම හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා පැය දෙකක කාල සීමාවන් අහෝසි කරනු ලැබේ.
එළිමහනේ රැස්විය​ හැකි පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩි වේ.
සමාජ ශාලාවලට ඇතුළු නොවී ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩාවට අවසර දෙනු ලැබේ.
සිල්ලර හා කෑම වෙළඳසැල් නැවත විවෘත කිරීමට තව ටිකක් කල් බලා සිටිය යුතුය. සමහරවිට​ එළිමහන් ආහාර අනුභව කරන්නන්ට දැඩි සීමාවන් සහිතව සිදු කිරීමට ඉඩ ලබා දෙනු ඇත​.

අද​ නිවේදනය අතරතුර අනිවාර්යයෙන්ම කිසිදු වෙනසක් නොපෙනෙන එක් රීතියක් ඇත. එනම් මෙල්බර්න් සහ කලාපීය වික්ටෝරියා වෙන් කරන දේශ සීමාව (Ring of Steel) එලෙසම​ පවතිනු ඇති බව Andrews තහවුරු කළේය.

අද දින​​ පුවත්පත් සාකච්ඡාව දහවල් 1 ට පෙර පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »