Search

වික්ටෝරියානුවන් මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ නවතම වාර්තාවක්

පවතින ආර්ථික තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මුහුණදෙන ගැටලු පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉතුරුම් මුදල් යොදා ගනිමින් දෛනික මිළදී ගැනීම් සිදුකිරීම මෙන්ම මුදල් ණයට ගැනීම් ද ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඉහළ වියදම හේතුවෙන් ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කිරීමටද වික්ටෝරියානුවන් කටයුතු කරමින් සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය මාස 06 තුළ සිය ආර්ථික තත්වය පිළිබඳ වික්ටෝරියානුවන් 1500 ක් සහභාගී කරගනිමින් සිදුකල සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

නිවාස කුළියට සිටින්නන් සියයට 17 ක් පමණ පසුගිය මාස තුළදී අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ ආහාර වේල් මග හැර ඇති බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

උකස් ණය වාරික ගෙවීම ද වික්ටෝරියානුවන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »