මෙල්බන් හිදී කළහ කල පාපන්දුලෝලීන්ට ජීවිතාන්ත තහණමක්

පසුගිය සති අන්තයේ මෙල්බන් නුවර පැවති ලීග් පාපන්දු තරගය අතරතුර කළහකාරීව හැසිරී ක්‍රීඩාංගණයට කඩා වැදුණු ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුට ජීවිතාන්ත තරග තහණමක් පණවා තිබෙනවා.

Craigieburn හි පදිංචි 23 හැවිරිදි අයෙකුට සහ Meadow Heights හි පදිංචි 19 හැවිරිදි අයෙකුටයි මෙලෙස තරග තහණම් පණවා ඇත්තේ.

ඔවුන්ට පාපන්දු හා සම්බන්ධ කිසිදු ක්‍රියාවකට ජීවිතාන්තය දක්වා සම්බන්ධවීමට අවස්ථාවක් හිමිනොවනු ඇති.

පසුගිය තරගයේදී සිදුවූ මෙම ක්‍රියාව හමුවේ ක්‍රීඩකයෙකු මෙන්ම තරග තීරකවරයෙකුද තුවාල ලැබුවා.

මෙ සිද්ධියට සම්බන්ධ තවත් 05 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

150 කට ආසන්න පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදී තිබූ බව සඳහන්.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »