මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියා කොටසෙහි විනෝද කටයුතු තහණම්

මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියාවට අයත් කොටසෙහි අත්‍යවශ්‍ය කටයුතු හැර කිසිදු විනෝදාත්මක කටයුත්තක නිරතවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහණම් කර තිබෙනවා.

ලබන ජනවාරි මාසය මැද භාගය තෙක් එම තහණම බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැති Peter Malinauskas නිවේදනය කර සිටියේ.

ගංගාවේ ජල මට්ටම ඉහළයාමෙන් ජනතාව අනතුරට පත්වීම වළක්වාලීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කලා.

මේ අනුව පිහිණිම – බෝට්ටු හෝ වෙනත් යාත්‍රා පැදවීම තහනම් වනු ඇති.

කෙසේවෙතත් රැකියා කටයුතු සඳහා ගග භාවිතය / මුදා ගැනීම් මෙහෙයුම් / ආහාර හෝ ඉන්ධන බෙදා හැරීම වැනි කටයුතු සඳහා මරේ ගංගාව භාවිතය සඳහා තවදුරටත් අවසර හිමිවනවා.

එම කටයුතු සඳහාද යාත්‍රාවල උපරිම වේගය නොට් 04 ක් ලෙස තබාගත යුතුයි.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »