දශකයකට පසු ඔස්ටේ්‍රලියා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔස්ටේ්‍රලියානු පාපන්දු කණ්ඩායම දශකයකට පමණ පසු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භයට පෙර 38 වන ස්ථානයේ සිටි ඔස්ටේ‍රලියා පාපන්දු කණ්ඩායම මේ වනවිට 27 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටිනවා.

ඉතිහාසයේ මේ දක්වා ඔස්ටේ්‍රලියානු පාපන්දු කණ්ඩායමක් අත්කරගෙන ඇති ඉහළම ශ්‍රේණිගත කිරීම අත්කරගෙන තිබුණේ 2012 වසරේදීයි.

එහිදී ඔවුන් 25 වන ස්ථානයට පත්ව තිබුණා.

ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණේ පසුවන්නේ බ්‍රසීලයයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »