
නිවාඩු කාලසීමාව තුළ රුධිර හිගයක් ඇති නොවිීමට හැකිතාක් රුධිරය පරිත්‍යාග කිරීමට උනන්දු වන්නැයි විසින් ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ඉදිරි සති 02 තුළදී එක් දිනකට අවම වශයෙන් රුධිර පරිත්‍යාගශීලීන් 1800 දෙනෙකු හෝ රුධිරය පරිත්‍යාග කල යුතු බවටයි දැනුම්දී ඇත්තේ.
O සහ A යන රුධිර කාණ්ඩ අයත් පුද්ගලයන් මේ සඳහා වැඩි වශයෙන් කටයුතු කල යුතු බවටද අවධාරණය කෙරෙනවා.

සියලුම රුධිර පරිත්‍යාග මධ්‍යස්ථාන නිවාඩු සමය පුරා සෑම දිනයකදීම විවෘතව පවත්වාගෙන යාමටද නියමිතයි.
නත්තල් සමයේදී ගෘහාශ්‍රිත – එළිමහන් මෙන්ම මාර්ග අනතුරු ඉහළයාම හමුවේ සෑම තත්පර 18 කටම වරක් ඔස්ටේ්‍රලියාව තුළ කුමන හෝ ප්‍රදේශයක සිටින අයෙකුට රුධිරය අවශ්‍ය කරන බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙරට ජනගහණයෙන් සියයට 80 කට වඩා O හෝ A යන රුධීර කාණ්ඩවලට අයත් පිරිස්වීම හමුවේ එම රුධිර කාණ්ඩවලට ඇති ඉල්ලුමද ඉහළ මට්ටමක පවතිනවා.
එක් එක් ප්‍රාන්තය සඳහා දිනකට අවශ්‍ය කරන රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව පහත පරිදියි :