ගුරුවරුන්ට හා හෙදියන්ට දින 03 න් ඔස්ටේ්‍රලියා Skilled වීසා

ඔස්ටේ්‍රලියාවේ පුහුණු නිපුණතා වීසා හෙවත් අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා අනුපිළිවෙල වෙනස් කර තිබෙනවා.

ගුරුවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් සඳහා වන වීසා අයදුම්පත් දින තුනක් ඇතුළත සළකා බලා අවසන් කිරීමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින්නේ.

පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේදී හඳුන්වා දෙනු ලැබූ පුහුණු නිපුණතා වීසා ප්‍රමුඛතා ලැයිස්තුව ඒ අනුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

එම ලැයිස්තුව එය යල් පැන ගිය එකක් බවට චෝදනා ලැබු අතර පවතින දරුණු පුහුණු සේවක හිගයට එමගින් විසඳුමක් නොලැබීම හමුවේ එම ලැයිස්තුව ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

2020 වසරේදී මුල් වරට ඉදිරිපත් කෙරුණු මෙම ලැයිස්තුවට ප්‍රමුඛතාවයේ සැලකෙන වෘත්තීන් 44 ක් ඇතුළත් වුනා.

එම ලැයිස්තුවට ඉංජිනේරුවන්, සූපවේදීන්, ගණකාධිකාරීවරුන්, මනෝ වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, හෙදියන් හා වෛද්‍යවරුන් වැනි සෞඛ්‍ය සේවකයින් ඇතුළත් වූ නමුත් ගුරුවරුන් ඇතුළත් වූයේ නැහැ.

කෙසේවෙතත්, පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය සහ සුභසාධන සහායක සේවකයින්, child care මධ්‍යස්ථාන කළමනාකරුවන්, වෛද්‍ය විද්‍යාඥයින්, උපදේශකයින්, මනෝවිද්‍යාඥයින්, සමාජ සේවකයින් සහ වෛද්‍ය කාර්මිකයින් දැන් ප්‍රමුඛත්වය දී ඇති වෘත්තීන් අතර වනවා.

-SBS-

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »