ඔස්ටේ්‍රලියාවේ හිටපු අගමැතිවරයෙකුට ඉහළම තනතුරක්

ඔස්ටේ‍රිලියාවේ හිටපු අගමැතිවරයෙකු වන කෙවින් රඩ් අමෙරිකාවේ මීළග තානාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.

ලබන මාර්තු මාසයේදී ඔහු එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කර සිටියේ.

ඔස්ටේ්‍රලියාව සහ අමෙරිකාව අතර සබඳතා තවත් ශක්තිමත් අන්දමින් පවත්වාගෙන යාමට මෙම පත් කිරීම ඉවහල් වනු ඇති බවද ඔහු කියාසිටියා.

මේ අතර නව තනතුර භාර ගැනීමට තමන් සූදානම් බව කෙවින් රඩ් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

2013 වසරේදී ඔස්ටේ්‍රලියාවේ අගමැති ධුරයට පත්වූ කෙවින් රඩ් ඊට පෙර විදේශ අමාත්‍යවරයා ලෙසද කලක් කටයුතු කර තිබුණා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »