ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තයේ සංක්‍රමණිකයන් ලබන ආදායම් හෙළිකෙරේ

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණිකයන් නිරතවන රැකියා සහ ආදායම් සම්බන්ධ නවතම තොරතුරු සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට සංක්‍රමණිකයන් නිරත රැකියා අතුරින් සියයට 56.6 කම යෙදී සිටිනුයේ ස්ථිර පදිංචිකරුවන් විසින් වන අතර සියයට 29.5 ක් තාවකාලික සංක්‍රමණිකයන් විසින් නිරත වී සිටිනවා.

නවසීලන්ත පුරවැසියන් විසින් නිරත වී සිටින රැකියා ප්‍රතිශතය සියයට 12.9 ක්.

ක්ෂේත්‍ර වශයෙන් සැළකීමේදී වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් නිරත රැකියා ක්ෂේත්‍රය වන්නේ පරිපාලන සහ සහායක සේවා වන අතර, සෞඛ්‍ය සේවා – සමාජ සහායක සේවා සහ ආහාර කර්මාන්ත අනෙකුත් ක්ෂේත්‍ර අතරට අයත්.

2019-20 කාලසීමාවට අදාළව සංක්‍රමණිකයෙකු විසින් වසරකදී උපයන දළ ආදායම ඩොලර් 45,351 ක්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම ආදායම ACT ප්‍රාන්තයෙන් සටහන් වන්නේ ඩොලර් 52,439 ක් ලෙසයි.

අඩුම ආදායම ටස්මේනියාවේ සිටින සංක්‍රමණිකයන් විසින් උපයා ඇත්තේ ඩොලර් 31,093 ක දළ වාර්ෂික ආදායමක් වාර්තා කරමිනුයි.

සමස්ත ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී 2019-20 කාලසීමාවට අදාළව සංක්‍රමණිකයෙකු උපයා ඇති දළ වාර්ෂික වැටුප ඩොලර් 45,351 ක් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණිකයෙකු උපයා ඇති ආදායම සටහන් වන්නේ එම අගයට වඩා පහළ අගයකයි.

එනම් ඩොලර් 43,882 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »