Search

Child care ගාස්තු ඉහළ යාම ගැන විමර්ශනයක්

child care ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ෆෙඩරල් රජය විසින් පාරිභෝගික කොමිසමට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට වසරක් පුරා එම විිමර්ශනය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

child care ගාස්තු ඉහළ යාමට සැබෑ හේතුව ජීවන වියදම ඉහළයාමද වෙනත් හේතුවක්ද යන්න මෙහිදී සොයා බැලෙනු ඇති.

ගතවූ වසර 08 තුළදී child care ගාස්තුවල ඉහළයාම සියයට 41 ක් බව ෆෙඩරල් රජය විසින් මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී තිබුණා.

මේ අතර ලබන වසරේ ජූලි මාසයේ සිට child care ගාස්තු සඳහා පවුල් රැසකට බලපාන පරිදි සහනයක් ලබාදීමටත් ෆෙඩරල් රජය සූදානමින් පසුවනවා.

පාරිභෝගික කොමිසම විසින් සිදුකරන සමීක්ෂණය සඳහා ලබන වසර සඳහා වන අයවැයෙන් ඩොලර් මිලියන 11 ක් වෙන් කිරීමටද යෝජනා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »