මත් ජාවාරමුන්ට දකුණු ඔස්ටේ්‍රලියාවෙන් දැඩි නීති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නව නීති මාලාවක් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් සම්මත කරගෙන තිබෙනවා.

මෙතෙක් පැවති නීති අනුව මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකුට වුවද හිමිවූයේ වසර 10 ක උපරිම දඩුවමක් පමණයි.

එහෙත් නව නීති යටතේ ජීවිතාන්ත සිර දඩුවමකට ඔවුන් යටත් කල හැකි වනවා.

එමෙන්ම දඩ මුදල්ද සැළකිය යුතු අගයකින් ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

මෙම නව නීති දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී කිසිදු විරෝධතාවයකින් තොරව සම්මත වී තිබෙනවා.

කුලී නිවාස ගන්න යනවා නම් මේ වංචාවට හසුවෙන්න එපා

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »