මෙසි තීරණයක් රිවර්ස් කරයි

2022 ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස Golden ball සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඔහු 2024 වසරේ පැවැත්වෙන copa ඇමරිකා තරගයට සහ ඉදිරි ලෝක කුසලාන තරග වලටද සහභාගි වනු ඇති.

35 හැවිරිදි මෙසී පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිවේදනය කළේ කටාරයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගවලට සමුදෙන බවටයි.

ආර්ජන්ටිනාවේ ජනප්‍රිය ක්‍රීඩක ලයනල් මෙසී ට 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පාපන්දුව පිරිනමනු ලැබුවා.

ලෝක කුසලාන ඉතිහාසයේ රන් පාපන්දුව දෙවරක් දිනාගත් එකම ක්‍රීඩකයා බවට මෙසී පත්වුණා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »