
කොවිඩ් රෝග ලක්ෂණ නොමැති පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා අහඹු පරීක්ෂණ පවත්වන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ෆෙඩරල් රජය විසින් කොවිඩ් වසංගතය තුරන් කිරීමට ප්‍රමාණවත් පියවරක් නොගන්නා බවට චෝදනා කරමිනුයි ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන වෘත්තිය සමිතිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
කොවිඩ් ආසාධිත සිසුන් සහ ගුරුවරුන් සඳහා නැවතත් අනිවාර්ය හුදකලා කාලසීමාවක් ප්‍රකාශයට පත් කල යුතු බවටද ඔවුන් ඉදිරිපත් කල යෝජනා අතර වනවා.

ඇතැම් සිසුන්ට නැවත නැවතත් කොවිඩ් ආසාධනය වීම හරහා පාසල් පද්ධතිය දරුණු අවධානම් තත්වයක පවතින බවද එය වළක්වාගැනීමට විධිමත් පියවරක් ගැනීම කාලෝචිත බවද ඔස්ටේ්‍රලියානු අධ්‍යාපන වෘත්තිය සමිතිය පෙන්වා දෙනවා.
කොවිඩ් වසංගතය උච්චතම අවස්ථාවේ පැවති 2021 වසරේදී ඔස්ටේ්‍රලියානු පාසල් තුළ රැපිඩ් පරීක්ෂණ හඳුන්වා දෙනු ලැබුවද පසුව එය අවලංගු කෙරුණා.
