විෂ නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් 164 ක් දක්වා ඉහළට

විෂ සහිත නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් සංඛ්‍යාව 164 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඉන් බහුතරය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර 42 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

Riviera Farms සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කර තිබූ baby spinach ආහාරයට ගැනීමෙන් පළමුවරට පිරිසක් රෝග ලක්ෂණ පහළ කර තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදීයි.

අනතුරුව Costco – Woolworths – ALDI සහ Coles සුපිරි වෙළඳසැල් ජාල විසින් අලෙවියට තබා තිබූ නිවිති අඩංගු නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත්කර නැවත කැඳවීමට පියවර ගනු ලැබුවා.

මේ වනවිට නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ACT යන ප්‍රාන්ත 04 හිම සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් දී ඇත්තේ සැකකටයුතු නිවිති නිෂ්පාදන අනුභවයෙන් වළකින ලෙසයි.

කිසියම් අයෙකුට රෝග ලක්ෂණ පහළ වුවහොත් 13 11 26 යන අංකය අමතන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

දැනට භාවිතයට නොගන්නා ලෙස දන්වා ඇති නිවිති නිෂ්පාදන –

  • Riviera Farms Baby Spinach.
  • Fresh Salad Co Fresh and Fast Stir Fry.
  • Chicken Cobb Salad and Chickpea Falafel Salad at Woolworths.
  • At Coles, Spinach, Chef Blend Tender Leaf, Baby Leaf Blend, Kitchen Green Goddess Salad, Kitchen Chicken BLT Salad Bowl, Kitchen Roast Pumpkin, Fetta and Walnut Salad, Kitchen Smokey Mexican Salad, Kitchen Egg and Spinach Pots.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »