Search

Aged care වෙත “තරු” දීම අසාර්ථක බවට චෝදනා

Aged care සේවා සපයන්නන් ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

තරු එකේ සිට 05 දක්වා සිදුකෙරෙන ශ්‍රේණිගත කිරීමක් මෙහිදී ක්‍රියාත්මක වන අතර ඉන් ඉහළම ශ්‍රේණිගත කිරීම හෙවත් තරු 05 ලැබී ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව සියයට 01 ටත් අඩු අගයකයි පවතින්නේ.

සියයට 91 කට ආසන්න Aged care මධ්‍යස්ථාන සංඛ්‍යාවකට ලැබී ඇත්තේ තරු 03 ශ්‍රේණිගත කිරීමයි.

Aged care නියාමනය සඳහා පත් කල රාජකීය කොමිසම විසින් ලබාදුන් නිර්දේශයක් අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පළකර තිබෙනවා.

ඉහළම ගුණාත්මකභාවයක් සහිත ඇතැම් Aged care මධ්‍යස්ථානවලට පවා අඩු ශ්‍රේණිගත කිරීම් ලබාදී තිබීම ඊඨ හේතුවයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »