Search

A ලීග් පාපන්දු තරගයේදී කළහකාරීව හැසිරුණු අයගේ ඡායාරූප මාධ්‍ය වෙත

පසුගිය සෙනසුරාදා මෙල්බන් හිදී පැවති A ලීග් පාපන්දු තරගය අතරතුර කළහකාරීව හැසිරුණු පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පුද්ගලයන් 150 කට ආසන්න පිරිසක් එදින පිටිය මැදට කඩා වැදීම හමුවේ දැඩි නොසන්සුන් තත්වයක් නිර්මාණය වූ අතර ක්‍රීඩකයෙකු සහ තරග තීරකවරයෙකු තුවාල ලැබුවා.

ඡායාරූප අතර සිටින දෙදෙනෙකු දැනටමත් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ දී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මේ අතර A ලීග් තරගාවලිය අතරතුර ක්‍රීඩාංගණය වෙත කඩාවදින ප්‍රේක්ෂකයන්ට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවට Football Australia සහතික වනවා.

ඔවුන්ට ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි ක්‍රීඩාංගණ තහණම් පැණවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවයි Football Australia සඳහන් කරන්නේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »