Search

ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය පියවන නව ආයතනය වැඩ අරඹයි

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රම බලකාය පුහුණු කිරීමේදී සහ පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය නිරාකරණය කිරීම පිළිබඳ රජයට උපදෙස් දීමට නව ආයතනයක් පිහිටුවා තිබෙනවා.

Jobs and Skills Australia නම් මෙම ආයතනය පසුගිය නොවැම්බර් 16 වනදා සිට බලාත්මකයි.

ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන මෙය Aged care, disability care සහ childcare ක්ෂේත්‍රවල රැකියා කිරීමට හැකි පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇති.

ඔස්ටේ්‍රලියානු සේවා යෝජකයන් මුහුණ දෙන විශාලතම අභියෝග අතරට පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය ද අයත්.

රැකියා පුරප්පාඩු පිරවීමට නොහැකි වූ ව්‍යාපාර සංඛ්‍යාව ඉහළ යාම ඔස්ටේ්‍රලියාවේ ආර්ථික වර්ධනය අඩාල කිරීමට ඉවහල් විය හැකි බව ද විද්වතුන් පෙන්වා දෙනවා.

ගොඩ ගැසී ඇති පුහුණු ශ්‍රමික වීසා අයදුම්පත් ලක්ෂ 6 ක් පමණ ඉක්මණින් සලකා බලා අවසන් කිරීමද මේ යටතේ සිදුවනු ඇති.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »