Vape නිසා රෝහල්ගත කෙරෙන ඔස්ට්‍රේලියානු ළමුන් ඉහළට

ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල බලපෑම හමුවේ රෝහල්ගත කෙරෙන ඔස්ට්‍රේලියානු ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වයස අවුරුදු 04 ට අඩු ළමුන් 140 කට වැඩි පිරිසක් එලෙස රෝහල්ගත කර ඇති අතර ඉන් 17 දෙනෙකුම වයස අවුරුදු 01 ට අඩු අය බව සඳහන්.

ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල එක් දුම්වාරයකදී පරිසරයට මුදා හැරෙන රසායනික සංඛ්‍යාව 200 කට අධික බවයි පැවසෙන්නේ.

එබැවින් දුම්වැටි පමණක් නොව ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයේදී පවා ළමුන් අසලින් ඈත්වන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් ඉල්ලා සිටිනවා.

ඔස්ටේ්‍රලියාව තුළ තරුණ ප්‍රජාව සීඝ්‍රයෙන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට නැඹුරු වෙමින් ඇති බවයි මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »