ලාංකික නිවුන් තරුණියන් 02 ක් මෙල්බන් සරසවියේ ඉතිහාසය අලුත් කරයි

University of Melbourne හෙවත් මෙල්බන් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය තුළ එකම අවස්ථාවේදී ආචාර්ය උපාධි ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.

නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් මෙම සොයුරියන් දෙදෙනා ඔවුන්ගේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත්තේ 2016 වසරේදීයි.

ඊට පෙර ඔවුන් ශ්‍රී ලංකාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා තිබුණා.

මොවුන් දෙදෙනාට පසුගිය සෙනසුරාදා එනම් දෙසැම්බර් 17 වනදා ආචාර්ය උපාධි පිරිනැමුණේ ලෝක නිවුන් දිනයට පෙර දිනයේදී වීමද විශේෂත්වයක්.

චොකලට් ඇසිරීම සහ පාරිභෝගික ජෛවමිතික දත්ත ප්‍රතිචාර ඔවුන්ගේ නිබන්ධන සඳහා පාදක කරගෙන තිබුණා.

මෙම ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය 2020 වසරේදී සිදුකිරීමට නියමිත වුවද කොවිඩ් වසංගතයත් සමග එය කල්ගොස් තිබෙනවා.

තේජානි ගුණරත්න දැනට මෙල්බන් හි CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටිනවා.

ප්‍රාථමික පාසල් අවධිය – ද්වීතීයික පාසල් අවධිය – විශ්ව විද්‍යාල පමණක් නොව ඉන් ඔබ්බට සියලු කටයුතුවලදී එකම ගමනක් යාමට ශක්තිමත් සහෝදර බැඳීමක් තිබූ බවයි නදීශා සහ තේජානි පවසන්නේ.

දැනට ලොව අන්ත දෙකක වාසය කලද එම බැඳීම වෙනදාටත් වඩා ශක්තිමත් වී ඇතැයිද ඔවුන් අවධාරණය කර සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »