COVID-19 තර්ජනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී පිරවිය යුතු​ මගී කාඩ්පත් ඩිජිටල්කරණය කිරීමට පියවර​!

COVID-19 තර්ජනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී පිරවිය යුතු​ මගී කාඩ්පත් ඩිජිටල්කරණය කිරීමට පියවර​!

Incoming passenger cards digitised to reduce threat of COVID-19!

COVID-19 තර්ජනය කළමනාකරණය කිරීම සඳහා විදේශයන්හි සිට ඕස්ට්‍රේලියාවට එන​ මගීන් රටට පැමිණීමට පෙර ඩිජිටල් මගී ප්‍රකාශයක් (DPD) සම්පූර්ණ කළ යුතුය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වර්තමාන ක්‍රමය නැවත සකස් කිරීම නිවේදනය කරමින් කියා සිටියේ කඩදාසි කාඩ්පත්වල සිට ඩිජිටල් ප්‍රකාශන වෙත මාරුවීම ගුවන් ගමන් වාර සහ ජාත්‍යන්තර සංචාර සඳහා රට සූදානම් කිරීමේ තීරණාත්මක පියවරක් බවයි.

වර්තමානයේදී, මගී සම්බන්ධතා සහ ප්‍රකාශන තොරතුරු කඩදාසි කාඩ්පත් මඟින් එකතු කරනු ලබන අතර ඒවා ස්කෑන් කර අතින් සකස් කරනු ලැබේ.

නව ඩිජිටල් මගී ප්‍රකාශනය (DPD) ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින් විසින් ඔවුන්ගේ ජංගම හෝ පරිගණකය භාවිතයෙන් සම්පූර්ණ කල යුතුය​.

“ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා උපකාරී වන පරිදි COVID ආරක්ෂිත ආකාරයකින් අපගේ දේශසීමා සාර්ථකව විවෘත කිරීමට මෙමගින් හැකි වනු ඇතැයි” ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණික සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge පැවසීය.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »