Search

ක්‍රීඩාංගණ වෙත කඩාවදින පාපන්දු ප්‍රේක්ෂකයන්ට ඔස්ටේ්‍රලියාවෙන් දැඩි පියවර

A ලීග් තරගාවලිය අතරතුර ක්‍රීඩාංගණය වෙත කඩාවදින ප්‍රේක්ෂකයන්ට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවට Football Australia සහතික වනවා.

ඔවුන්ට ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි ක්‍රීඩාංගණ තහණම් පැණවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවයි Football Australia සඳහන් කරන්නේ.

ඊයේ රාත්‍රියේ මෙල්බන් හි පැවති තරගයක් අතරතුරදී ප්‍රේක්ෂකයන් පිරිසක් කඩා වැදීමත් සමග හටගත් නොසන්සුන් තත්වයෙන් ක්‍රීඩක Tom Glover ගේ මුහුණට බරපතල තුවාල සිදුවූ අතර තරග තීරකවරයෙකුද තුවාල ලබා තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව Football Australia පවසනවා.

තෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »