Search

ඔස්ටේ්‍රලියා ගුරුවරයෙකුගේ වැටුප $ 130,000 දක්වා ඉහළට ?

ඔස්ටේ්‍රලියාව පුරා පවතින ගුරු හිගය පියවීමට ජාතික සැළැස්මක් සකස් කිරීමට ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ අධ්‍යාපන ඇමති ජේසන් ක්ලාර්ක් සමග කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ.

ගුරුවරුන් සිදුකරන සේවයට අදාළව ඔවුන්ට හිමිවන වැටුප ප්‍රමාණවත් නොමැති බවද මෙහිදී අවධාරණය වී තිබෙනවා.

ඒ අනුව ගුරු වැටුප් ඇතුලු ජාතික සැළැස්මක් සකස් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යවරුන් එකග වී ඇත්තේ.

2025 වසර වනවිට උපාධිධාරී ගුරුවරුන් 4000 කගේ පමණ හිගයක් ඇති වනු ඇති බවත් ඊට විසඳුම් වහා සෙවිය යුතු බවත් මෙම සාකච්ඡාවේ අවධානය යොමුවූ තවත් ප්‍රධාන කරුණක් වනවා.

යෝජිත නව වැටුප් ක්‍රමවේදයට අනුව ගුරුවරයෙකුගේ වාර්ෂික වැටුප ඩොලර් 130,000 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවටද වාර්තා පළවනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »