Search

Sex තහණම නිසා බාලි යන ඔස්ටේ්‍රලියානුවන් අඩුවෙයි

විවාහයෙන් බැහැරව ලිංගික කටයුතුවල යෙදීම තහනම් කරමින් ඉන්දූනීසියාව පැණවූ නව නීතිය හමුවේ බාලි දූපත් හි සංචාරය කරන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව පහළ යන ළකුණු පළවී තිබෙනවා.

ඒ වෙනුවට වනවාටු සහ ෆිජී යන දූපත් රාජ්‍යයන් වෙත යොමුවන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සංචාරක නියෝජිත ආයතන වෙතින් ලබාගත් තොරතුරු අනුවයි මෙම කරුණු අනාවරණ වන්නේ.

ඉදිරි මාස සඳහා සංචාරක ගමනාන්තයක් ලෙස බාලි දූපත තෝරා ගැනීම සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.

කෙසේවෙතත් ඉන්දුනීසියා රජය පසුගියදා සඳහන් කලේ නව නීතිය විදේශිකයන්ට අදාළ නොවන බවයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »