Search

විෂ නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් 100 ඉක්මවයි

විෂ සහිත නිවිති ආහාරයට ගැනීමෙන් රෝගාතුරවූවන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් 88 දෙනෙකුම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර වික්ටෝරියාවේ 11 දෙනෙකුද රෝගාතුර වී ඇති බව සඳහන්.

ACT සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින්ද මෙම සිද්ධියට අදාළ සැකකටයුතු රෝගීන් කිහිප දෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

උද්ගතව ඇති තත්වය හමුවේ Costco – ALDI – Woolworths සහ Coles යන සුපිරි වෙළඳ සැල් ජාල 04 විසින්ම නිවිති ආශ්‍රිත නිෂ්පාදන යළි කැඳවා ඇති අතර දැනටමත් මිළදී ගෙන ඇති නිෂ්පාදන වෙතොත් වහා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි දන්වා ඇත්තේ.

Riviera Farms සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන ලද baby spinach විශේෂයක් භාවිත කල පාරිභෝගිකයන් පිරිසකුයි පළමුවෙන් රෝගාතුර වී තිබුණේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »