Search

ක්වීන්ස්ලන්ඩ් Aged Care වෙත එන අමුත්තන් සීමා කෙරේ

කොවිඩ් රෝග ලක්ෂණ සහිත කිසිවෙකුත් සිය හිතවතුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා aged care මධ්‍යස්ථාන වෙත යාමෙන් වළකින්නැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දන්වා සිටිනවා.

ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම ඊඨ හේතුවයි.

පසුගිය සතියේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාධිතයන් 14,941 ක් වාර්තා වී තිබූ අතර එය පෙර සතියට වඩා ආසාධිතයන් සියයට 16 ක ඉහළයාමක් වනවා.

පෙර සතියේදී වාර්තාවූයේ කොවිඩ් මරණ 15 ක් පමණක් වුවද පසුගිය සතියේදී එය 33 දක්වා වැඩිවී තිබුණා.

නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී නේවාසිකයන්ගේ සුවදුක් බැලීමට aged care පැමිණෙන පුද්ගලයන්ගේ ඉහළයාමක් අපේක්ෂා කරන බැවින් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහායි මෙම නව නියමය පණවා ඇත්තේ.