NSW හි නොමිළයේ සනීපාරක්ෂක සේවා තවත් පුලුල් කරයි

සිඩ්නි නගරය පුරා නොමිළයේ කාන්තා සනීපාරක්ෂණ ද්‍රව්‍ය සහ උපකරණ බෙදා හැරීම වේගවත් කර තිබෙනවා.

ඒ අනුව Ashfield, Marrickville, Leichhardt, Balmain යන ප්‍රදේශවල පුස්තකාල සහ පිහිණුම් තටාක ආශ්‍රිත ස්ථාන 10 ක අමතර vending යන්ත්‍ර සවිකර ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කලේ.

මේ හරහා තරුණියන්ට සහ කාන්තාවන්ට ඉමහත් පහසුවක් අත්වනු ඇති බවටයි විශ්වාසය පළවන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කලේ කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 30 ක මුදලක් වෙන් කරන බවයි.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන්ද කාන්තා සනීපාරක්ෂණ ද්‍රව්‍ය සහ උපකරණ බෙදා හැරීමට vending යන්ත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට පසුගියදා තීරණය කලා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »