සෞඛ්‍යමය හේතු මත රියදුරු බලපත්‍රය අහෝසි වන වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට ඒ පිළිබඳ දැනුම්දීමේ ක්‍රමවේදය විධිමත් කිරීමට VicRoads සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
වසරකදී VicRoads විසින් රියදුරන් 90,000 කගේ පමණ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කර බලන අතර ඉන් සියයට 85 කට පමණ කිසිදු බාධාවකින් තොරව රිය ධාවනයේ යෙදිය හැකි වනවා.
එහෙත් සෙසු පිරිස අතුරින් ඇතැමුන්ට කොන්දේසි සහිත බලපත්‍රයක් නිකුත් කෙරෙන අතර තවත් පිරිසකට නැවත විමසා බැලීමකට යටත්වීමට සිදුවනවා.
කෙසේවෙතත් ඔවුන් ඒ පිළිබඳ නොදැනුවත්ව රිය ධාවනයේ යෙදීම ගැටලුවක් බවට පත්ව ඇති අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි දැනුම්දීමේ ක්‍රමවේදයක් නොමැතිවීමයි.
මෙම තත්වය වළක්වාලීම සඳහා ස්වයංක්‍රීය දැනුම්දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටයි VicRoads විසින් තීරණය කර ඇත්තේ.
එක් දිනයකදී මෙලෙස සෞඛ්‍යමය හේතු මත තාවකාලිකව රියදුරු බලපත්‍රය අහෝසි කෙරෙන රියදුරන් සංඛ්‍යාව 37 ක් ලෙස ගණන් බලා තිබෙනවා.