මෙල්බන් කොන්සල් කාර්යාලයේ සේවා ඉක්මන් කරන්න යයි

මෙල්බන් නුවර ශ්‍රී ලංකා නව කොන්සල් ජනරාල් ලෙස සන්දිත් සමරසිංහ වැඩ භාරගෙන තිබෙනවා.

වික්ටෝරියා – ටස්මේනියා සහ දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත ඔහු විසින් ආවරණය කරනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලිාව අතර වෙළඳ හා සංචාරක සබඳතා නංවාලීමත් මෙරට සිටින ලාංකිකයන්ට සපයන කොන්සියුලර් සේවා වේගවත් හා කාර්යක්ෂම කිරීමත් සිය මූලික අරමුණු බව නව ධුරයේ වැඩ භාරගනිමින් ඔහු සඳහන් කලා.

දේශපාලන ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක වසර 13 ක පුලුල් අත්දැකීම් සහිත සන්දිත් සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔහු කැන්බරා විශ්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා තිබීම විශේෂත්වයක්.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »