සිඩ්නි තන්ඩර්ස් ලෝක වාර්තාවක් තියයි

බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ළකුණු සංඛ්‍යාව ඊයේ සටහන් වුණා.

සිඩ්නි නුවර පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 09 ක් දැවී ලකුණු 139 ක් රැස්කලා.

ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15 ක් පමණයි.

එය පිරිමි 20 යි 20 තරගයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබූ අතර සිඩ්නි පිතිකරුවන් මුහුණ දුන්නේ පන්දු වාර 05 යි පන්දු 05 කට පමණයි.

ඒ අනුව මෙම තරගය නිමා වූයේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 124 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි.

සිඩ්නි ඉනිමේ දී වාර්තා වූයේ එකම හතරේ පහරක් වීමද විශේෂත්වයක්.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »