
ඔස්ටේ්‍රලියාවට අහඹු ඇල්කොහොල් ආශ්වාස පරීක්ෂණ (random breath testing) හඳුන්වාදී අදට වසර 40 ක් සම්පූර්ණ වනවා.
1982 වසරේදී නිවු සවුත් වෙල්ස් ප්‍රාන්තය විසිනුයි පළමුවරට එය හඳුන්වාදෙනු ලැබුවේ.
එම පරීක්ෂණ ක්‍රියාවට නංවන ලද පළමු රටවල් කිහිපය අතරට ඔස්ටේ්‍රලියාවද ඇතුළත්වීම විශේෂත්වයක්.

අහඹු ඇල්කොහොල් ආශ්වාස පරීක්ෂණ හඳුන්වාදීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ රිය අනතුරුවල කැපී පෙනෙන පහළයාමක්ද දක්නට ලැබෙනවා.
පසුගිය වසරේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ රිය අනතුරු මරණ අනතුරු 275 න් බීමත්ව රිය පැදවීම් සම්බන්ධ මරණ සටහන් වන්නේ සියයට 17 ක් පමණයි.

1982 වසර හා සැසඳීමේදී ඇල්කොහොල් සම්බන්ධ මරණ සියයට 88 කින් පමණ පහළ ගොස් තිබීමද විශේෂත්වයක්.