ගතවු මාස 12 ක කාලය තුළදි ඔස්ටේ්රලියාවේ රථ ගාල් (car parks) තුළදී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සටහන්වී ඇත්තේ දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී බවයි නවතම සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.
එය අනෙකුත් මාසවලට සාපේක්ෂව සියයට 39 ක පමණ ඉහළයාමක් වනවා.
2021 වසරේ දෙසැම්බර් මාසයේදී රථ ගාල් තුළ රිය අනතුරු 2500 ක් පමණද – ජනවාරි මාසයේදී රිය අනතුරු 1881 ක්ද සටහන්වී තිබෙනවා.
තනි ස්ථානයක් සැළකීමේදී වැඩිම රිය අනතුරු ගණනක් වාර්තා වී ඇත්තේ මෙල්බන් Doncaster හි Westfield රථ ගාලේදීයි.
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දහවල් 12 ත් පස්වරු 04 ත් අතර කාලය තුළදීයි රථගාල්වල වැඩිම රිය අනතුරු සටහන්වී ඇත්තේ.