
සෑම ඔස්ටේ්‍රලියානුවෙකු විසින්ම වසරකට අපද්‍රව්‍ය ටොන් එකහාමාරක් පමණ පරිසරයට මුදා හරින බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.
2020-21 කාලයේදී ඔස්ටේ්‍රලියාව තුළදී එක්රැස්ව තිබූ මුලු කසළ ප්‍රමාණය ටොන් මිලියන 75.8 ක්.
ඒ අනුව වසර 02 ක් සඳහා එක් පුද්ගලයෙකු විසින් බැහැර කර ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 2.95 ක් පමණ වනවා.

මින් සියයට 60 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කල හැකි ඒවා නමුත් ඒවා සියල්ල එලෙස ප්‍රතිචක්‍රීකරණය නොකෙරෙන බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ සඳහා ෆෙඩරල් රජය විසින් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 250 කට ආසන්නයි.

ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ආශ්‍රිත රැකියා සංඛ්‍යාවද 04 ගුණයකින් පමණ වැඩිවී ඇති බවයි මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබුණේ.