
දශක ගණනකට පසු පළමුවරට සිඩ්නි නගරයේ පුද්ගලික රෝහල්වල හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් වැඩවර්ජනයක් සැළසුම් කර තිබෙනවා.
ලබන සඳුදා දිනයේ පැයක කාලයක් ඒ අනුව සේවයෙන් ඉවත්ව සිටින බවයි ඔවුන් නිවේදනය කලේ.
වැටුප් ගැටලුව සහ සේවා පහසුකම් ඉහළ නංවන ලෙස බල කරමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

මේ පිළිබඳ කොමිසම වෙත දැනුම් දී ඇති බවද සිඩ්නි නගරයේ පුද්ගලික රෝහල්වල හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් සඳහන් කරනවා.
කෙසේවෙතත් අදාළ කාලය තුළදී සේවා කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ.
