ඕස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර චාරිකා ආරම්භ කිරීම​ට “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සැරසේ.

ඕස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර චාරිකා ආරම්භ කිරීම​ට “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සැරසේ.

‘Traffic light system’ could be used to determine quarantine options for Aussie travellers.

නිවාඩුවක් සඳහා අනෙකුත් රටවල සංචාරය කිරීමට බලා සිටින​ ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ෆෙඩරල් රජය “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සූදානම් වන බව​ අගමැති Scott Morrison සිකුරාදා(16/10) අනාවරණය කළේය.

රජයේ ඉහළම වෛද්‍ය මණ්ඩලය විසින් මෙම සැලැස්ම හඳුන්වා දීමට කටයුතු කර ඇත​.

කොරෝනා වෛරස් වසංගතයට එක් එක් රටවල් දක්වන ප්‍රතිචාරය මත පදනම්ව ඕස්ට්‍රේලියානුවන්ට රටකට කොතරම් ආරක්ෂිතව ගමන් කළ හැකිදැයි එය තක්සේරු කරයි.

ශ්‍රේණිගත කිරීම මඟින් සංචාරකයින් ආපසු පැමිණෙන විට නිරෝධායන විකල්ප තීරණය කරනු ඇත.

සිකුරාදා සිඩ්නි නුවර සිට Morrison පැවසුවේ ඕස්ට්‍රේලියානුවන් සඳහා ජාත්‍යන්තර චාරිකා ආරම්භ කිරීම​ ඔහුගේ “ප්‍රමුඛතා” වලින් එකක් බවයි.

නිවසේදී හුදෙකලා වීමේ හැකියාව ඇතුළත් කිරීම සඳහා නිරෝධායන විකල්පයන් විවෘත කිරීම හෝ විදේශ සංචාරවලින් ආපසු පැමිණෙන අය සඳහා ආයතනික විධිවිධාන යොදා ගැනීම සලකා බලමින් සිටින බව ඔහු පැවසීය.

” එම යෝජනා ක්‍රම ප්‍රමිතීන්ට අනුකූල වනු ඇත. එය අවම වශයෙන් හෝටල් නිරෝධායන විධිවිධානවල සිදු කර ඇති දේට සමාන වේ.”
“ඕස්ට්‍රේලියානුවන්ට යම් ආකාරයක සාමාන්‍ය තත්වයකට පත්වීම” මෙහි අරමුණ බව ඔහු පැවසීය.

“මෙම නිරෝධායන විධිවිධාන උපයෝගී කර ගැනීමේදී ඕස්ට්‍රේලියානුවන් නැවත ඕස්ට්‍රේලියාවට​ ගෙන ඒම අපගේ ප්‍රමුඛතාවය වන අතර, අපගේ අනෙක් ප්‍රමුඛතාවය වන්නේ ඕස්ට්‍රේලියාව නැවත ලෝකයේ සෙසු රටවල් සමඟ සුරක්ෂිතව සම්බන්ධ කර ගැනීමයි.”

කෙසේ වෙතත්, ජාත්‍යන්තර චාරිකා නැවත ආරම්භ කිරීමට තව බොහෝ කාලයක් බලා සිටීමට සිදුවන බව​ ඔහු පිළිගත්තේය.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »