ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රහාරය එල්ල කිරීමෙන් පැය කිහිපයක් ගතවීමට පෙරයි එම වීඩියෝව මුදා හැර ඇත්තේ.
එහි අන්තවාදී අදහස් ගණනාවක් අන්තර්ගත බව සඳහන්.
පොලිස් වෙඩි පහරින් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සමග සිටි කාන්තාවකද එදිනම මරණයට පත්වුණා.
මෙම ප්‍රහාරය පිටුපස කිසියම් අන්තවාදී සංවිධානයක පෙළඹවීමක් පවතින බවට ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සැක මතුකර තිබුණා.
පසුගිය සඳුදා වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පොලිස් නිළධාරිනියක සහ 26 හැවිරිදි පොලිස් නිළධාරියෙකු මියගිය අතර සැකකරුවන් අතර සිටින එක් අයෙකු කලක් විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර තිබුණා.