Baby Spinach මිළදී ගත් ඔබට විශේෂ දැනුම්දීමක්

Costco ආයතනය විසින් අලෙවි කල නිවිති (baby spinach) විශේෂයක් විෂවීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු රෝහල්ගත කිරීමත් සමග දැනටමත් ඒවා මිළදී ගෙන ඇති කවරෙකු හෝ වෙතොත් වහාම භාවිතයට නොගන්නැයි බළධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

දෙසැම්බර් 16 වන දින කල් ඉකුත්වීමේ දිනය සහිතව riviera farms වෙළඳ නාමය යටතේයි මෙම නිවිති වෙළඳපොළට නිකුත් කර තිබුණේ.

රෝගාතුර වූවන් සියලු දෙනා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් වන අතර ඔවුන්ට උණ ඇතුලු රෝග ලක්ෂණ කිහිපයක් හටගෙන තිබුණා.

මේ අතර අද සිට බලාත්මක වන පරිදි එක් අවස්ථාවකදී එක් පාරිභෝගිකයෙකුට මිළදී ගත හැකි ශීත කල අර්තාපල් තීරු (frozen potato fries) ප්‍රමාණය පැකට් 02 කට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ජල ගැලීම් හමුවේ අර්තාපල් නිෂ්පාදන අඩාලවීමෙන් නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »