ඔස්ටේ්‍රලියානුවන්ගෙන් බහුතරයක් අසීරුම නත්තලට සැරසෙයි

මෙවර නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩු සමයේ වියදම් පියවා ගැනීමේදී තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බව ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 53 ක් පවසා තිබෙනවා.

පුද්ගලයන් 1114 දෙනෙකු යොදාගනිමින් Finder ආයතනය විසින් සිදුකල නවතම සමික්ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සියයට 33 ක් මෙහිදී අනාවරණ කර තිබුණේ නත්තල් සාප්පු සවාරිය තමන්ට ඇති ප්‍රධානම අභියෝගය බවයි.

ඉන්ධන – විදුලි හා ගෑස් බිල් ගෙවා ගැනීම දෙවන ස්ථානයට පත්ව තිබුණා.

නිවාස කුළි ගෙවා ගැනීම සියයට 14 කගේද – ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවා ගැනීම සියයට 11 කගේද ප්‍රධානතම අභියෝගය බවට පත්වී තිබුණා.

මෙම සමීක්ෂණයට සහභාගීවූවන් අතුරින් නිවු සවුත්වේල්ස් හි සියයට 56 ක් / වික්ටෝරියා හි සියයට 52 ක් සහ ක්වීන්ස්ලනඩ් හි සියයට 45 ක් පවසා ඇත්තේ මෙවර නත්තල තමන් සමරන අසීරුම නත්තල් සමය වනු ඇති බවයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »