Search

ඔස්ටේ්‍රලියා Citizenship පිරිනැමීම ගැන අලුත් තීන්දුවක්

ජනවාරි 26 වනදාට යෙදී ඇති දිනයෙන් බැහැරව ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව පැවැත්වීම වළක්වාලමින් පැවති ලිබර්ල් සන්ධාන රජය නිකුත් කර තිබූ නියෝගයක් වත්මන් ලේබර් පක්ෂ රජය විසින් ඉවත් කර තිබෙනවා.

සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ ඒ අනුව ජනවාරි 23 වනදාත් 29 වනදාත් අතර ඕනෑම දිනයක පුරවැසිභාව පිරිනැමීමේ උත්සව පැවැත්වීමට එක් එක් නගර කවුන්සිල වෙත අවසර හිමිවන බවයි.

කෙසේවෙතත් හැකි සෑම අවස්ථාවකදීම ජනවාරි 26 වනදා එම උත්සව පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් මිශ්‍ර අදහස් පළවෙමිනුයි පවතින්නේ.

පසුගිය 09 වනදා වනවිට ඔස්ටේ්‍රලියා පුරවැසිභාවය අපේක්ෂා කර යොමු කර තිබු අයදුම්පත් සංඛ්‍යාව 98,000 කට ආසන්නයි.

එම සංඛ්‍යාව 100,000 ට වඩා අඩුවී ඇත්තේ වසර 05 කට පසුව වීම විශේෂත්වයක්.

මෙම පිරිසෙන් සියයට 92 ක් පමණ මාස 06 කට වඩා පොරොත්තු ලේඛනයේ සිටින්නන් බවද සඳහන්.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »