ජනශක්ති සභාපති මෝටර් රථයේදී ඝාතනය කෙරේ

බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසිය තහවුරු කළේය.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව පවසමින් ඊයේ 15 දහවල් නිවෙසින් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර දුරකථනය ක්‍රියා විරහිත වීම නිසා බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව දන්වා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබියදී සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක තිබූ බව පොලිසිය කියයි.

කිසියම් පිරිසක් එක්ව සභාපතවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »