Search

වාර්ෂිකව Aged care සේවකයන් 65,000 ක් සේවය අතහැර යයි

වාර්ෂිකව ඔස්ටේ්‍රලියාවේ Aged care ක්ෂේත්‍රයට සේවකයන් 65,000 ක් පමණ අහිමිවන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

පසුගිය මාස 10 ක පමණ කාලයේදී සේවකයන් 18,000 ක් පමණ රැකියා අතහැර ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දැනට සිටින සේවක සංඛ්‍යාව සැළකීමේදී අවශ්‍ය කරන සංඛ්‍යාවට වඩා 35,000 ක පමණ හිගයක් පවතින බව සඳහන්.

මෙම වසර මුළදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඔස්ටේ්‍රලියාවේ Aged care ක්ෂේත්‍රයේ සිටින සෑම සේවකයන් 05 දෙනෙකුගෙන් අයෙකුම මෙම වසර තුළදී සේවය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බවයි.

වෙනත් ක්ෂේත්‍රයකට යොමුවුව හොත් වැඩි වැටුප් ලබාගත හැකි බවට වන මතය ඊට හේතුවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »