Search

ඔස්ටේ්‍රලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු වික්ටෝරියා ප්‍රාන්තයෙන්

මෙම වසරේ දෙවන කාර්තුවේදී ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 480,000 ක් පැවති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන් වන අතර එහි ප්‍රතිශතය සියයට 18 ක්.

නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත රැකියා පුරප්පාඩුවලින් සියයට 12 කට හිමිකම් කියමිනුයි.

මුලු ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින්නේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ (Retail) වන අතර එහි ප්‍රතිශතය සියයට 38 ක්.

එමෙන්ම තමන් සතුව එක් පුරප්පාඩුවක් හෝ ඇතැයි සඳහන් කල ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවද කොවිඩ් තත්වය ආරම්භයේ සිට මේ දක්වා සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරනවා.

කොවිඩ් තත්වය හමුවේ බොහෝ පිරිසක් රැකියාවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමත් නැවත එම පුරප්පාඩු සතුටුදායක අන්දමින් සම්පූර්ණ නොවීමත් මෙම තත්වයට බලපා තිබෙනවා.