ඔස්ටේ්‍රලියා සංක්‍රමණ වීසා ගැන අලුත් තොරතුරු රැසක්

2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ටේ්‍රලියා සංක්‍රමණික කෝටාව යටතේ එක් එක් ප්‍රාන්ත වෙනුවෙන් අදාළ කෝටා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම කෝටාවෙන් අඩක්ම පමණ හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටයි.

පසුගිය මුල්‍ය වර්ෂයේදී 160,000 ක් ලෙස පැවති සංක්‍රමණික කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 195,000 දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය පසුගිය ෆෙඩරල් අයවැයේදී තීරණය කලා.

ඒ අනුව Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබෙනවා.

කෙසේවෙතත් 80,300 ක්ව පැවති Family වීසා කෝටාව 52,500 දක්වා කපා හැර තිබීම විශේෂත්වයක්.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »