
ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ පද්ධතියට විශාල වෙනස්කම් අවශ්‍ය බව Grattan ආයතනය විසින් නිකුත් කල නවතම වාර්තාවක් දැක්වෙනවා.
මෙරට සංකීර්ණ හා යල් පැන ගිය නීති වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය සමග සමපාත නොවන අතර වීසා අයදුම්පත් සැකසුම් ප්‍රමාදයන් ඇති කරන බවයි එහි දැක්වෙන්නේ.
මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතයි.

සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා ගොඩනගා ගැනීමට අවශ්‍ය නැගී එන වෘත්තීන් බොහොමයක් ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ පද්ධතිය රැකියා ලෙස වර්ගීකරණය කර නොමැති බවට මෙම වාර්තාවෙන් චෝදනා නගා තිබෙනවා.
සේවා යෝජකයාගේ අනුග්‍රහය ලබන වීසාවල සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම Grattan ආයතනයේ මෙම වාර්තාවේ නිර්දේශ අතර ප්‍රධාන වනවා.
