අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ බලශක්ති පණත අනුව වසරක කාලයක් පුරා ගෑස් සහ ගල් අගුරු මිළ ගණන් උපරිම අගයක පවත්වාගෙන යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ගෑස් ගිගා ජූල් 01 ක් ඩොලර් 12 ක උපරිම මිළකටද – ගල් අගුරු ටොන් 01 ක් ඩොලර් 125 ක මිළකටද යටත් වනු ඇති.
මෙම යෝජනාවට සෙනටේ සභාවේදි පක්ෂව ඡන්ද 28 ක්ද විරුද්ධව ඡන්ද 22 ක්ද ලැබී තිබුණා.
බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව නීතියක් ලෙස සම්මත කිරීම සඳහා ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුණා.
යෝජනාවට පක්ෂව ඡන්ද 85 ක් ලැබුණු අතර විපක්ෂව ප්‍රකාශ වූයේ ඡන්ද 41 ක් පමණයි.
ලබන වසරේදී එක් පවුලක විදුලි හා ගෑස් ගාස්තු වැඩිවීම ඩොලර් 930 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර ඇති අතර එය ඩොලර් 700 දක්වා අඩු කිරීමට මෙමගින් හැකි වනු ඇති බව සඳහන්.