NSW ප්‍රාන්ත රජයෙන් $ 1,150 ක සහනයක්

ජල ගැලීම් අවස්ථාවලදී ගුවන් මගින් බේරාගත් නිවැසියන්ගෙන් අය කිරීමට නියමිත වූ ඩොලර් 1150 ක ගාස්තුව කපා හැරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

දැනටමත් එලෙස යවා ඇති බිල්පත් නොසළකා හරින ලෙසයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ දන්වා සිටින්නේ.

නිවු සවුත් වේල්ස් ගිලන් රථ සේවය මගින් අදාළ බිල්පත් ස්වයංක්‍රීයව යොමුකර ඇතත් නිවැසියන් විසින් ඒවා ගෙවීමට අවශ්‍යතාවයක් නැතැයි ඔහු සඳහන් කලා.

මින් ඉදිරියට මෙවැන්නක් සිදු නොවීම සඳහා වගබලාගන්නා බවටද අගමැතිවරයා සහතික වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ගිලන් රථ සේවයද සමාව අයැද සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »