බලශක්ති ගාස්තු අඩු කිරීම සම්මතයි

බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව නීතියක් ලෙස සම්මත කිරීම සඳහා ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 85 ක් ලැබුණු අතර විපක්ෂව ප්‍රකාශ වූයේ ඡන්ද 41 ක් පමණයි.

විදුලිය සහ ගෑස් සඳහා උපරිම ගාස්තු නියම කර පාරිභෝගිකයන්ට කිසියම් ගාස්තු සහනයක් දීමයි ලේබර් පක්ෂ රජයේ උත්සාහය වී ඇත්තේ.

ඩොලර් බිලියන 03 ක පමණ සහනයක් ඒ යටතේ හිමිවනු ඇති අතර එක් නිවසකට අවම වශයෙන් ඩොලර් 230 ක උපකාරයක් ලබාදීමටයි රජය සැළසුම් කරන්නේ.

ලබන වසරේදී එක් පවුලක විදුලි හා ගෑස් ගාස්තු වැඩිවීම ඩොලර් 930 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර ඇති අතර එය ඩොලර් 700 දක්වා අඩු කිරීමට මෙමගින් හැකි වනු ඇති බව සඳහන්.

ගෑස් සහ ගල් අගුරු මිළදී ගැනීමේදී උපරිම මිළක් නියම කිරීමද අද ඉදිරිපත් කල යෝජනා අතරට අයත්.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »