සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
නුගේගොඩ, පාගොඩ පාරේදී ඔහුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
සිදුවීමෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවය.